24.5 C
Colombo
Sunday, January 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවැට් බදු කෙටුම්පතට කතානායක අත්සන් තබයි

වැට් බදු කෙටුම්පතට කතානායක අත්සන් තබයි

ඊයේ (14) දින කථානායක මහින්ද යාපා අබේවර්ධන සිය සහතිකය එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පත සඳහා සටහන් කරනු ලැබුවා.

එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත 2022 අංක 44 දරන එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත ලෙස 2022 දෙසැම්බර් 14 වැනි දින සිට බලාත්මක වන අතර පසුගිය 09 වැනිදා එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පත සංශෝධන සහිතව වැඩි ඡන්දයෙන් පාර්ලිමේන්තුවේදි සම්මත වුණා.

එහිදී අදාළ පනත් කෙටුම්පත තෙවනවර කියවීම සඳහා පක්ෂව ඡන්ද 82ක් හිමිවූ අතර විරුද්ධව ඡන්ද 41ක් හිමි විය.