මෙම 18 වැනිදා පැවැත්වීමට නියමිත 5 වසර ශිෂ්‍යත්ව විභාග රටාවේ වෙනසක් සිදු කර තිබේ.
ඒ අනුව ප්‍රශ්න පත්‍රයේ දෙවැනි කොටස විභාගය ආරම්භයේදීත් පළමු කොටස අවසානයේත් ලබාදීමට තීරණය කර ඇති බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසන්නේ.
සිසුන්ගේ යහපත වෙනුවෙන් මෙම තීරණය ගෙන ඇති බවත් ශිෂ්‍යත්ව විභාගය සඳහා මේ වනවිට සියලු කටයුතු සූදානම් කර ඇති බවත් කොමසාරිස්වරයා අවධාරණය කළේය.