― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsලයිෆ් ලයින් ව්‍යාපෘතියෙන් මිලියන 47ක ඖෂධ මෙරටට

ලයිෆ් ලයින් ව්‍යාපෘතියෙන් මිලියන 47ක ඖෂධ මෙරටට

ලයිෆ් ලයින් ව්‍යාපෘතිය යටතේ රුපියල් මිලියන 47ක් වටිනා ඖෂධ තොගයක් මෙරටට ලබා දී තිබේ.

ඇමෙරිකානු ඩොලර් 130000 ක් පමණ වන මෙම ඖෂධ තොගය රොටරි ජාත්‍යන්තර සංවිධානයේ ප්‍රථම කාන්තා සභාපතිනී ජෙනිෆර් ජෝන්ස් සහ එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ නියෝජිත ක්‍රිස්ටියන් ස්කූග් විසින් අද (16) නිල වශයෙන් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට බාර දී තිබේ.

මෙම ඖෂධ තොගය දරු ප්‍රසූතියේදී කාන්තාවන් සඳහා, වේදනා කළමනාකරණය සහ අධි රුධිර පීඩනය ඇතුළු විවිධ ප්‍රතිකාර සඳහා සහාය වනු ඇති බව එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල පවසයි.