ලබන වසරේ මාර්තු මාසයේ සිට ගෘහ සේවිකාවන් විදේශගත කිරීම නතර කරන බවත් ඒ වෙනුවෙන් ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් උසස් ගෘහපාලන සහකාරවරියන් රැකියා සඳහා පිටත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවත් විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර පවසයි.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (18) ජාත්‍යන්තර සංක්‍රමනික දිනය සැමරීම නිමිත්තෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පැවති සැමරුම් උත්සවයකට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ ඉතිහාසයේ විදේශ රැකියා සඳහා වැඩිම පිරිසක් විදේශගත වූ වසර ලෙස මෙම වසර වාර්තා ගත වන බවයි
ඊයේ වනවිට කොරියාවේ රැකියා සඳහා 6,120ක පිරිසක් පිටත්ව ගොස් ඇති අතර 76,579ක පිරිසක් කුවේට් රාජ්‍යයේ රැකියා සඳහා පිටත්ව ගොස් තිබේ.
එමෙන්ම කටාර් රාජ්‍යයට 69,992ක්, සෞදි අරාබිය සඳහා 51,421ක්, ජපානය සඳහා ශ්‍රමිකයින් 4,410ක් පිටත්ව ගොස් ඇති බව අමාත්‍යවරයා එහිදී අවධාරණය කළේය.