― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsසැමියාගෙන් ලක්ෂ 35ක කප්පම් ඉල්ලූ කාන්තාව අත්අඩංගුවට

සැමියාගෙන් ලක්ෂ 35ක කප්පම් ඉල්ලූ කාන්තාව අත්අඩංගුවට

තමන් පැහැරගත් බව පවසමින් සැමියා හා දරුවන් රවටමින් රුපියල් ලක්ෂ 35ක මුදලක් ලබා ගැනීමට තැත් කිරීම්දී අත්අඩංගුවට ගැනුණු කාන්තාව අද (19) අධිකරණය වෙත ඉදිරිපත්කර තිබෙනවා.

ඒ අනුව සැකකාර කාන්තාව ආණමඩුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ බවයි අප කළ විමසීමකදී ආණමඩුව පොලිසිය පැවසුවේ. අදාළ කාන්තාව විසින් ලබාගෙන තිබූ රුපියල් ලක්ෂ 7.5ක ණය මුදලක් පියවීම සඳහා ඇය විසින් මෙලෙස උපක්‍රමශීලිව තම සැමියාගෙන් මුදල් ලබා ගැනීමට උත්සාහ කර ඇති බව සිදුකළ විමර්ශනවලදී අනාවරණය කරගෙන තිබෙනවා.

තමන් පැහැරගත් බව පවසා එම කාන්තාව සිය සැමියාගෙන් මුලදී රුපියල් ලක්ෂ 50ක මුදලක් ලබා ගැනීමට උත්සහ කර ඇති අතර පසුව එම ගණන ඇය විසින් රුපියල් ලක්ෂ 35ක් දක්වා අඩුකර ඇති බවයි දැනගන්නට ලැබුණේ.

පසුගිය 15 වැනිදා ආණමඩුව ප්‍රදේශයේ පිහිටි සිය නිවසින් දියණිය පදිංචි වාරියපොල හංහමුණ ප්‍රදේශයට ගොස් ඇති බවත් එදින ආණමඩුව නගරයට පැමිණෙන බව සැමියාට දුරකථන ඇමතුමක් ලබා දී පවසා ඇති බවට ප්‍රකාශ කර තිබුණා.

කෙසේ වෙතත් අදාළ කාන්තාව එදින සවස සිට අතුරුදහන්ව ඇති බවට හෙළිව ඇති අතර ඒ අනුව මේ සම්බන්ධයෙන් ඇයගේ බාල පුතු විසින් පොලිසියට පැමිණිල්ලක් සිදුකර ඇති බව සඳහන්. පැමිණිල්ලට අනුව සිදුකළ මෙහෙයුම්වලදී මෙම කාන්තාව වෙනත් නිවසක සැඟව සිටිය දී සොයා ගැනීමට පොලිසියට හැකිව තිබෙනවා.

මෙම කාන්තාව ගමන් කළ ස්ථාන හා අදාළ මාර්ගවල ආවේක්ෂණ කැමරා පරීක්ෂා කරමින් ආණමඩුව පොලිසිය විසින් අදාළ පරීක්ෂණ කටයුතු සිදුකර ඇති බවයි දැන ගන්නට ලැබුණේ. සැකකාර කාන්තාව අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඇය විසින් සිදුකළ වංචාව පොලිසිය හමුවේ පාපොච්චාරණය කර ඇති බවයි වාර්තා වුණේ.