― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsවගා බිමකට ඇතුළු වූ ගවයින් 12ක් හදිසියේම ජීවිතක්ෂයට

වගා බිමකට ඇතුළු වූ ගවයින් 12ක් හදිසියේම ජීවිතක්ෂයට

වව්නියාව පුම්බුහාර් ප්‍රදේශයේ වගා බිමකට ඇතුළු වූ ගවයින් 12 දෙනෙකු එම වගාබිම තුළදී හදිසියේම මිය ගොස් තිබෙනවා.

ඊයේ (19) වව්නියාව පූම්බුහාර් ගම්මානයේ උඳු වගාවක් පැවති භූමියකට ගවයින් රංචුවක් ඇතුළු වීමෙන් අනතුරුව පැය කිහිපයකට පසු අදාළ ගවයින් 12 දෙනෙකු එම වගා බිමේම තැනින් තැන වැටී මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

තවත් ගවයින් 10 කට ආසන්න ප්‍රමාණයක් රෝගාතුර වී මේ වන විට බරපතල තත්වයේ සිටින බවටයි ගවයින්ගේ හිමිකරුවන් ප්‍රකාශ කළේ.

ගවයින් වගාබිමට ඇතුළු වූ පසු වගාබිමේ අයිතිකරු කෝපයට පත්ව ගවයින්ට යූරියා පොහොර සමග කෘමිනාශකයක් ජලයට කලවම් කොට ගවයින්ට පානය කිරීමට සැලැස්වීමෙන් මෙලෙස ගවයින් මිය ගොස් ඇතැයි සැක පලකරන බව ගවයින්ගේ හිමිකරුවන් පොලීසියට පවසා තිබෙනවා.

අනතුරුව එම ස්ථානයට පැමිණි ඊච්චන්කුලම් පොලීසිය විසින් අදාල ඉඩමේ හිමිකරුගෙන් ප්‍රශ්න කිරීමටත් පියවර ගෙන තිබෙනවා.

මිය ගිය ගවයින් සම්බන්ධයෙන් පරික්ෂණයක් අරඹා ඇති අතර ගවයින්ගේ කොටස් පරික්ෂා කිරීමටද පියවර ගෙන ඇතැයි සඳහන්.