32 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsඋත්සව සමයට සතොසෙන් ඔබට සහනයක්

උත්සව සමයට සතොසෙන් ඔබට සහනයක්

ලංකා සතොස එළඹෙන නත්තල් සමය වෙනුවෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ 5 ක මිල හෙට (21) සිට තව දුරටත් අඩු කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව ලොකු ලූණු කිලෝවක් රුපියල් 5 කින් ද, රතු පරිප්පු කිලෝවක් රුපියල් 7 කින්, දේශීය ටින් මාළු ග්‍රෑම් 425 ක් රුපියල් 10 කින්, වියළි මිරිස් කිලෝවක් රුපියල් 15 කින් සහ හාල්මැස්සන් කරවල (තායි) රුපියල් 50 කින් අඩු කර ඇත.

ඒ අනුව ලොකු ලූණු කිලෝවක් රුපියල් 185 කට, රතු පරිප්පු කිලෝවක් රුපියල් 378 නට, දේශීය ටින් මාළු ග්‍රෑම් 425 ක් රුපියල් 480 කට, වියළි මිරිස් කිලෝවක් රුපියල් 1780 කට සහ හාල්මැස්සන් කරවල (තායි) රුපියල් 1100 කට මිලදී ගත හැකි බවත් ලංකා සතොස පවසයි.