උත්සව සමයේ විවිධ වැඩසටහන් කිහිපයකට අදාළව රථවාහන ගාල් කිරීමේ ස්ථාන දැනුම්දෙමින් පොලීසිය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ අනුව ඊයේ (19) සිට එළඹෙන 28 වනදා දක්වා නෙළුම් කුලුණ ආශ්‍රිතව විවිධ වැඩසටහන් පැවැත්වෙන අතර ඒ සඳහා පැමිණෙන රථවාහන ගාල් කිරීම සඳහා පහත ස්ථාන භාවිතා කළ හැක.
ලේක් හවුස් ඉදිරිපිට රථගාල මුදල් ගෙවීම සිදුකළ යුතු අතර කැප්ටන් ගාර්ඩ්න් කෝවිල් රථගාල, ඩී ආර් විජේවර්ධන මාවත, ගාමිණී වටරවුමේ සිට රීගල් දක්වා මාර්ගය දෙපස රථවාහන නතර කළ හැක.
ඊයේ (19) සිට දෙසැම්බර් 31 දක්වා ජනාධිපති ලේකම් කාර්යාලය සහ ගාලුමුවදොර ආශ්‍රිතව පැවැත්වෙන වැඩසටහන්වලට අදාළව පහත ස්ථානවල රථවාහන ගාල් කිරීම සඳහා අවස්ථාව හිමිවනු ඇත.
MOD රථගාල, ගාලුමුවදොර ගාලු මැද පාරේ රථවාහන නැවතුම් ස්ථානය සහ නව බාලදක්ෂ මාවතේ රථවාහන නැවතුම් ස්ථානවල වාහන නතර කිරීමේ හැකියාව ඇත.

