― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsචීන රජයෙන් ලැබුණු ඉන්ධන ගොවීන්ට නොමිලේ

චීන රජයෙන් ලැබුණු ඉන්ධන ගොවීන්ට නොමිලේ

චීන රජයෙන් ලැබුනු ඉන්ධන සහනය සෑම ගොවියෙකුටම නොමිලේ ලබාදීමට රජය තීරණය කර තිබේ.

හෙක්ටෙයාර් එකකට අඩු ප්‍රමාණයක වී වගා කළ ගොවීන්ටයි මෙම ඉන්ධන ලබාදීමට තීරණය කර ඇත්තේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ චීන රජයෙන් කළ ඉල්ලීමකට අනුව මෙම ඉන්ධන තොගය මෙරටට ලැබී ඇති අතර එලෙස ලබාදුන් ඉන්ධන ලීටර් මිලියන 10.06න් ඉන්ධන ලීටර් මිලියන 6.98ක් ශ්‍රී ලංකාවේ වී වගාවේ නියුතු ගොවිජනතාවට සහන සැලසීමක් වශයෙන් යෙදීමට තීරණය කර තිබේ.

චීන රජයෙන් ලැබුණු සමස්ත ඉන්ධන ප්‍රමාණයෙන් ඉතිරි කොටස මෙරට ධීවර කටයුතු සඳහා ලබා දීමට නියමිත බවයි වාර්තා වන්නේ.