― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsශ්‍රී ලංකාව IMF ණය බලාපොරොත්තුවෙන්

ශ්‍රී ලංකාව IMF ණය බලාපොරොත්තුවෙන්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) සහය ලබා ගැනීම සඳහා ඉන්දියාව සහ චීනය ඇතුළු ද්විපාර්ශ්වික ණය හිමියන්ගේ මූල්‍ය සහතික කිරීම් වෙනුවෙන් ශ්‍රී ලංකාව බලාපොරොත්තුවෙන් පසුවන බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ පවසනවා.

හින්දු පුවත්පත සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ පසුගිය කාලසීමාව පුරා චීනය ඉන්දියාව සහ ජපානය සමග ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය පිළිබඳ සාකච්ඡා පැවැත්වූ බවයි.

පසුගිය සැප්තැම්බර මාසයේදී IMF විසින් ශ්‍රී ලංකාවට උපකාර කිරීම සඳහා ඩොලර් බිලියන 2.9ක ණය පැකේජයක් සඳහා කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුමකට එළැඹුණා.

මෙම වර්ධනය සිදුවූයේ ශ්‍රී ලංකාවේ රුපියල පාවීමකටද ලක්වෙමින් පවතින අතර මුදල් ප්‍රතිපත්තිය දැඩි කිරීම සඳහා පොලී අනුපාත තියුනු ලෙස වැඩි කිරීමෙන් මාස කිහිපයකට ද පසුවයි.

ණය හිමි රටවල් සමග විනිවිද පදනමක් මත සියලු තොරතුරු හුවමාරු කරගෙන ඇති බව ඔහු සඳහන් කර තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය මෙම වසර තුල ලබාගැනීමට ඉලක්ක කර තිබුණ ද එය අසාර්ථක වූ අතර එම ණය ලබාගැනීම වෙනුවෙන් ද්වීපාර්ශවික ණය හිමියන්ගේ සහතිකය අත්‍යවශ්‍ය බව නන්දලාල් වීරසිංහ මහතා පෙන්වාදී තිබෙනවා.

2022 වසරේ ගතවූ කාලසීමාව තුළ සංචාරක ඉපැයීම් ඩොලර් බිලියනය ඉක්මවා ඇති අතර එම කාලය තුල විදෙස් ප්‍රේෂණ ඩොලර් බිලියන 3 දක්වා ඉහළ ගොස් ඇති බවද මහබැංකු අධිපතිවරයා හින්දු පුවත්පත සමග පැවති සාකච්ඡාවේදී අනාවරණ කර තිබෙනවා.

මේ අතර පසුගියදා මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ ද ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් බිලියන 2.9ක ණය ලබාදීම සඳහා IMF අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය ජනවාරි මාසයෙන් ඔබ්බට යාහැකි බවයි. කෙසේවෙතත් 2023 වසරේ මුල් කාර්තුවේදී එම මුදල් ලබා ගැනීම රජයේ උපරිම උත්සාහය වන බවයි ඔහු සඳහන් කළේ.