සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරියා ඊයේ (21) ඉන්දියාව බලා පිටත්ව ගොස් තිබේ.
ඒ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි නොකළ ඖෂධ වර්ග විසි අටක් ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් බැහැරව ඉන්දියාවේ සමාගමකින් ආනයනය කිරීම සඳහා අවශ්‍ය මූලික වැඩකටයුතු සඳහායි.
ඉන්දීය ණය පහසුකම් යටතේ හිමිවූ ඇමරිකානු ඩොලර් මිලියන 46ක මුදලක් ඒ සඳහා භාවිත කිරීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යංශය අවධාරණය කරයි.
කෙසේනමුත් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පසුගියදා ඉදිරිපත් කළ වාර්තාවක දැක්වෙන්නේ අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 151ක, ශල්‍ය උපකරණ ඇතුළු පරිභෝජන භාණ්ඩ 5268ක, රසායනික ද්‍රව්‍ය 850ක සහ විකිරණශීලි ද්‍රව්‍ය 18ක තොග මෙරට නොමැති බවයි.
මේ හේතුවෙන් ඉන්දියාවේ පෞද්ගලික සමාගමක් මාස තුනක් සඳහා අවශ්‍ය ඖෂධ සැපයීමට එකඟ වී ඇති බවයි වාර්තා වන්නේ.
අදාළ සමාගම විසින් නිෂ්පාදනය කරන ඖෂධ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි කර නොමැති අතර එම සමාගම තෝරාගත් ආකාරයද කැබිනට් පත්‍රිකාවේ සඳහන්ව නොමැත.