27.3 C
Colombo
Monday, April 21, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsගුරු වැටුප් ප්‍රශ්නය රජය අනාගත්තා

ගුරු වැටුප් ප්‍රශ්නය රජය අනාගත්තා

ගුරු වැටුප් ප්‍රශ්නය රජය අනාගත් නමුත් කෙසේ හෝ ප්‍රශ්නය විස විසඳාගත් බව කම්කරු ඇමති නිමල් සිරිපාලද සිල්වා පවසයි.

බදුල්ල තෙල්බැද්ද වත්තේ අළුතින් ඉදිකළ කාපට් මාර්ගයක් ජනතා අයිතියට පත්කිරීමෙන් පසු පැවති ජන හමුවකදි අමාත්‍යවරයා එසේ පැවසීය.

“ආණ්ඩුව දැඩි මුල්‍ය අර්බුදයකට පත්ව සිටිනවා. එම නිසා මේ වසරේදි රජයේ කියන කිසිදු ආයතනයක අලුතින් රැකියා දෙන්නේ නෑ. මුදල් ඇමතිතුමාත් පැහැදිලිවම කියලා තියෙනවා. මම දැනටමත් පෞද්ගලික අංශයට රැකියා සදහා පන්සීයක් පමණ යොමුකර තිබෙනවා. ඉදිරියේදි තවත් පෞද්ගලික අංශයට යොමු කරන්න කටයුතු කරනවා.

මේ වසරේදි ආහාර අර්බුධයට විසදුමක් ලෙස ගෙවතු වගා කළ යුතුයි. මේ වන තෙක් වගා නොකර තිබෙන වතු ඉඩම් ඌන උපයෝගිතා පනත යටතේ රජයට පවරා ගන්නවා. මාස හයක් වගා කරන්න කල් දෙනවා ඒත් වගා කළේ නැතිනම් පවරාගෙන ගමේ වත්තේ ජනතාවට වගා කරන්න ලබා දෙනවා.

කොරෝනා වසංගතයත් සමග ආණ්ඩුව කරන්න බලාපොරෝත්තු වු දේවල් සියල්ල කරන්න බැරි වුණා. සංචාරක කර්මාන්තය කඩා වැටීම නිසා ඩොලර් බිලියන පහක ආදායමක් රටට අහිමි වුනා.

කොයි රජය තිබුනත් මේවාට විසදුම් හොයන්න බෑ අපේ රජයේ අඩුපාඩු නෑ කියන්න බෑ. ඒවා හදාගෙන ඉදිරියට යා යුතුයි. ආණ්ඩුව ගෙනියන්න මන්ත්‍රිවරු 113ක් හිටියම හොදටම ඇති 156ක් අවශ්‍ය නෑ අපි කවදාවත් ද්වේශයෙන් දේශපාලනය කරන්නේ නෑ.

අපෙන් වුන වැරදි හදාගෙන ගියොත් අපි ආරක්ෂාවෙයි නැතිනම් අපි විනාශයි. ගුරු වැටුප් ප්‍රශ්ණය රජය අනාගත්තා ප්‍රමාද වුනා වැඩියි නමුත් ප්‍රශ්නය විසදුවෙත් ගෝඨාභය ජනපතිතුමයි වෘත්තීය නායකයින් සමග ගණුදෙනු කිරීමේ අඩුපාඩු තිබුනා.

කාබනික පොහොර යෙදවීම හොද බව ජනපති කීවත් ගොවීන් පිලිගත්තේ නෑ. ඉදිරියේදි රසායනික පොහොර ගෙන්වන තැනට රජය තීරණය වෙනස් කලා. ගොවීන්ට කාබනිකද රසායනිකද කියලා පොහොර වෙන්කරලා වගා කරන්න අවස්ථාව ලැබෙනවා”