ඖෂධ හිඟය හේතුවෙන් අනුරාධපුර ශික්ෂණ රෝහලට පැමිණෙන පිළිකා රෝගීන් දැඩි අපහසුතාවයට ලක්ව ඇති බව වාර්තා වෙයි.
එම රෝගීන් පෙන්වා දෙන්නේ ඖෂධවල මිල ගණන් ඉහළ යාම හේතුවෙන් පිළිකා රෝගීන්ට ලබාදෙන ඖෂධ පෞද්ගලික අංශයෙන් මිලදි ගැනීමට සිදුවීම තමන්ට මහත් ගැටලුවක් බවයි.