29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsමොළය මියගිය පුද්ගලයින්ගෙන් තවත් අය ජීවත් කරවන ගිවිසුමකට අත්සන් තැබේ

මොළය මියගිය පුද්ගලයින්ගෙන් තවත් අය ජීවත් කරවන ගිවිසුමකට අත්සන් තැබේ

හදිසි අනතුරු හා අපදාවන්ට ලක්ව මොළය මියගිය පුද්ගලයින්ගේ අවයව ගුවනින් ප්‍රවාහනය කිරීමෙ අවබෝධතා ගිවිසුමකට අත්සන් තබයි.

හදිසි අනතුරැ හා අපදාවන්ට ලක්ව මොළය මියගිය පුද්ගලයින්ගේ අවයව වෙනත් පුද්ගලයකුට බද්ධ කිරීම සදහා ගුවනින් ප්‍රවාහනය කිරීමට අදාල වූ අවබෝධතා ගිවිසුමකට ආරක්ෂක අමාත්‍යාංශයේ පූර්ණ අනුමැතියට යටත්ව ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙනුවෙන් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෙනුවෙන් එහි ලේකම් ජානක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා වීසින් අත්සන් තැබිම 2022 දෙසැම්බර් 21 දින ගුවන් හමුදා මූලස්ථානයේදී සිදු කරන ලදි.

මෙහිදි මුලික වශයෙන් සිදුකරනු ලබන්නේ හදිසි ආපදාවකින් හෝ අනතුරකින් මොළය මියගිය පුද්ගලයෙකු,භාරකරැවනගේ කැමැත්ත මත ඔහුගේ වැදගත් ශරීර අවයව ලබාගැනීමට ඉතා ඉක්මනින් රොහලක් වෙත ගුවන් මගින් ඉතා ආරක්ෂිතව ප‍්‍රවාහනය කිරිමයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉල්ලීම මත අත්සන් තබන ලද මෙම ගිවිසුම ප්‍රකාරව ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් C-130, AN-32, MA-60, Y-12, MI-17, Bell-412, Bell-212 සහ Bell-206 යන ගුවන් යානා මගින් මෙම රෝගි පුද්ගලයන් හා අවයව ප්‍රවාහන කටයුතු සිදුකිරිමට නියමිතව ඇත.