27.2 C
Colombo
Monday, July 28, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමරණයකින් කෙළවර වූ නොරොච්චෝලේ නත්තල් සාදය

මරණයකින් කෙළවර වූ නොරොච්චෝලේ නත්තල් සාදය

නත්තල් සාදයක් අතර ඇති වූ බහින්බස් වීමකින් අනතුරුව සිදුකළ පහරදීමකින් පුද්ගලයෙකු මියගොස් ඇති බව නොරොච්චෝලේ පොලිසිය පවසයි.

මෙලෙස මිගොස් ඇත්තේ මාම්පූරිය – වැල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 35 හැවිරිදි අයෙක් බවයි වාර්තා වන්නේ. ඊයේ (25) පස්වරුවේ පැවති නත්තල් සාදයක දී ඇති වූ බහින් බස් වීමකින් අනතුරුව එහි සිටි තවත් අයෙකු විසින් මෙම පුද්ගලයාට යකඩ පොල්ලකින් පහර දී තිබෙනවා.

මෙම පහරදීමෙන් ඔහුගේ හිසට බරපතල ලෙස හානි සිදුව ඇති අතර ඔහු පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇති නමුත් ඒ වන විටත් මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මෙම ඝාතනය සම්බන්ධයෙන් මාම්පූරිය – වැල්ල ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි අයෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් නොරොච්චෝලේ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.