26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමහ කන්නයේ වගාවට අවශ්‍ය ඉන්ධන බෙදාහැරීම අඛණ්ඩව

මහ කන්නයේ වගාවට අවශ්‍ය ඉන්ධන බෙදාහැරීම අඛණ්ඩව

මහ කන්නයේ වගා කටයුතු සඳහා ඉන්ධන බෙදාහැරීමේ කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.

මේ වනවිට ලීටර් 6,600 බවුසර් 3,559ක් මගින් ඉන්ධන බෙදාහැර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.

සැප්තැම්බර් මාසයේ දී ඉන්ධන බවුසර් 866ක්, ඔක්තොබර් මාසයේ දී බවුසර් 1,587ක්, නොවැම්බර් මාසයේ දී බවුසර් 1,004ක් හා දෙසැම්බර් 11 වැනිදා වනවිට බවුසර් 102ක් වශයෙන් බවුසර් 3,559ක් මගින් ඉන්ධන බෙදාහැර තිබේ.

වී වගාව සාර්ථක කර ගැනීම සඳහා හිඟයකින් හා අපහසුතාවයකින් තොරව ගොවි ජනතාවට වගාව කටයුතු සඳහා අවශ්‍ය ඩීසල් හා භූමිතෙල් ලබාදෙන ලෙස ජනාධිපතිතුමා දුන් උපදෙස් පරිදි මෙම ඉන්ධන බෙදාහැරීම් වැඩපිළිවෙළ ක්‍රියාත්මකය.

කෘෂිකර්ම අමාත්‍යාංශය ප්‍රකාශ කළේ, එම කටයුතු සම්බන්ධීකරණය සඳහා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හා කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් එක් එක් නිලධාරියෙක් බැගින් පත්කර ඇති බවයි.