― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNews2021 වසරේදී 5401ක් ද්විත්ව පුරවැසිභාවය ඉල්ලලා

2021 වසරේදී 5401ක් ද්විත්ව පුරවැසිභාවය ඉල්ලලා

2021 වසරේදී ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් ගුවන් ගමන් බලපත්‍ර 382,560ක් නිකුත් කර ඇති බව වාර්තා වනවා.

2020 වර්ෂයට සාපේක්ෂව එය වැඩිවීමක් පෙන්නුම් කර ඇති බවයි ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පැවසුවේ.

එලෙස නිකුත් කර ඇති විදේශ ගමන් බලපත්‍ර අතර රාජ්‍ය තාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍ර 398ක් ඇති බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියා. මේ අතර 2021 වසරේදී ද්විත්ව පුරවැසිභාවය ලබාගැනීම වෙනුවෙන් පුද්ගලයින් 5401 දෙනෙකු ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වෙත ඉල්ලීම් ඉදිරිපත් කර ඇති බව වාර්තා වනවා.

ඉන් වැඩි පිරිසක් ඕස්ට්‍රේලියාවේ ජීවත්වන පුද්ගලයින් වන අතර එම සංඛ්‍යාව 1,621ක්. අමෙරිකාවෙන් 795 දෙනෙකු, කැනඩාවෙන් 371 දෙනෙකු, එක්සත් රාජධානියෙන් 885 දෙනෙකු මෙලෙස ද්විත්ව පුරවැසිභාවය සඳහා ඉල්ලුම්කළ පිරිස අතර සිටින බවයි එම දෙපාර්තමේන්තුව වැඩි දුරටත් පැවසුවේ.

ඒ අනුව අදාළ පිරිසට ද්විත්ව පුරවැසිභාවය ලබාදීමට එම දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇති බව සඳහන්.