― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsමැතිවරණයට භාණ්ඩාගාරයෙන් මුදල් වෙන් කර අවසන්

මැතිවරණයට භාණ්ඩාගාරයෙන් මුදල් වෙන් කර අවසන්

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා මහා භාණ්ඩාගාරයෙන් මුදල් ප්‍රතිපාදන වෙන්කර ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසනවා.

නුවරඑළිය මැතිවරණ කොමසාරිස් කාර්යාල ශ්‍රවණාගාරයේ අද (27) සංවිධානය කර තිබූ සම්මන්ත්‍රණයකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

මැතිවරණ කොමිෂන් සභාව විසින් මෙම වසරේ අවසන් සතියේ දී නාම යෝජනා භාරගැනීමේ දිනය ගැසට් කරන බවට ප්‍රකාශ කර තිබූ බවත් ඔහු මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියා.

2023 වර්ෂයේදී මැතිවරණ සඳහා රුපියල් බිලියන 11ක මුදලක් ඉල්ලා තිබූ බව සඳහන් කළ මැතිවරණ කොමසාරිස්වරයා එම ඉල්ලීමට අනුව රුපියල් බිලියන 10ක මුදලක් මෙවර අයවැය මඟින් මැතිවරණ සඳහා වෙන්කර ඇති බව පැවසුවා.