25 C
Colombo
Thursday, February 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalසහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 3ක් ණයට ගන්න යයි

සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 3ක් ණයට ගන්න යයි

හිඟයකින් තොරව සහල් සැපයීම සඳහා නාඩු සහල් මෙට්‍රික් ටොන් 200,000ක් සහ සම්බා සහල්වලට ආදේශකයන් වන ජී.ආර්. 11 ශෝට් ග්‍රේන් රයිස් වර්ගයේ සහල් මෙට්‍රික් ටොන් 100,000ක් ආනයනය කිරීමට නියමිත බව වාර්තා වෙයි.

ඒ අනුව නාඩු සහල් මෙට්‍රික් ටොන් එකක් ඇමෙරිකානු ඩොලර් 436 බැගින් සහ ජී.ආර්. 11 ශෝට් ග්‍රේන් රයිස් වර්ගයේ සහල් මෙට්‍රික් ටොන් එකක් ඇමෙරිකානු ඩොලර් 465ක මිලක් යටතේ මිලදී ගැනීමට සාකච්ඡා කර තීරණය කර ඇති බවද වාර්තා වේ. මෙම මිල ගණන් යටතේ මාස 06ක ණය කාලයක් සහිතව ණයවර ලිපි විවෘත කිරීමෙන් මෙම සහල් තොග ආනයනය කිරීමටද යෝජනා කර තිබේ.

මෙම සහල් ඉන්දියාවේ පට්ටභි ඇග්‍රෝ ෆුඩ් ප්‍රයිවට් ලිමිටඩ් සමාගමෙන් මිලදී ගැනීමට නියමිතය.