30 C
Colombo
Friday, July 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවිදුලි ගාස්තු ඉහළ දමන්නේ නිවැරදි තොරතුරු අනුව නෙවෙයි

විදුලි ගාස්තු ඉහළ දමන්නේ නිවැරදි තොරතුරු අනුව නෙවෙයි

ලංකා විදුලිබල මණ්ඩලය විදුලි ගාස්තු ඉහළ දැමීමට යොදාගෙන ඇති තොරතුරු නිවැරදි නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක මහතා පැවසුවා.

වර්තමානයේ දිනක විදුලි ඉල්ලුම ගිගාවොට් 37 ක් වුවත් දිනක ඉල්ලුම ගිගාවොට් 48 ක් ලෙස ගෙන ලබන වසරේ විදුලි ඉල්ලුම පුරෝකථනය කර ඇති බව ඔහු පවසනවා.

පසුගිය අගෝස්තු මාසයේ කළ ගාස්තු වැඩි කිරීමෙන් රුපියල් බිලියන අටහමාරක පමණ ලාභයක් ලැබූ බවත් එම මුදල ලංකා විදුලිබල මණ්ඩලය පවත්වාගෙන යෑමට අවශ්‍ය ධනයට වඩා වැඩි ලාභයක් උපයා ඇති බව ද ඔහු සඳහන් කළා.