27 C
Colombo
Sunday, April 20, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsපියාගෙන් සිදුවන කරදර ඉවසා ගත නොහැකිව පොලිසියට පැමිණි දැරිය

පියාගෙන් සිදුවන කරදර ඉවසා ගත නොහැකිව පොලිසියට පැමිණි දැරිය

වසර දෙකකට අධික කාලයක සිට තම පියාගෙන් බරපතළ ලිංගික අතවර සිදු වූ අවුරුදු 12ක බාලවයස්කාර දැරියක් පිලිබද ගල්නෑව ප්‍රදේශයෙන් වාර්තා විය.

මෙම දැරිය වසර දෙකකට අධික කාලයක සිට තම පියාගෙන් සිදුවන බරපතළ ලිංගික හිරිහැර ඉවසාගත නොහැකි ව කිලෝමීටර 12ක දුරක් ගෙවා තනිව ගල්නෑව පොලිසිය සොයා පැමිණ ඒ සම්බන්ධයෙන් පැමිණිල්ලක් සිදු කර තිබෙනවා.

ඉන් අනතුරුව ප්‍රදේශයෙන් පලායමින් සිටි සැකකාර පියා අත්අඩංගුවට ගත් බවත් ගල්නෑව පොලිසිය පැවසීය

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ ගම්පොළ ප්‍රදේශයේ පදිංචිව සිට මීට මාස තුනකට පමණ පෙර ගල්නෑව ප්‍රදේශයට තාවකාලික පදිංචියට පැමිණි සිටි 35 හැවිරිදි හිටපු යුද හමුදා සෙබළෙකි.

සිද්ධියට මුහුණ පෑ දැරිය පස්වන ශ්‍රේණියේ දී වැඩි වියට පත්ව ඇති බවත්, එතැන් සිට වයස අවුරුදු 10 (2019) සිට මේ දක්වා පියා විසින් අවස්ථා ගණනාවක දී ඇයව දූෂණයට ලක් කළ බවත් දැරිය සිදු කළ ප්‍රකාශ වල සටහන්ව ඇතැයි පොලිසිය පැවසීය

මීට දින පහකට පමණ පෙර දැරියගේ මව කුලියට තේ දලු නෙළීම සඳහා ගම්පොල ප්‍රදේශයට ගිය අවස්ථාවේදී ද සැකකාර පියා විසින් දැරිය අවස්ථා කීපයකදී දූෂණයට ලක් කර ඇති අතර මෙලෙස පියාගෙන් දිගින් දිගටම සිදු වන ලිංගික ක්‍රියා ඉවසා ගත නොහැකි වීම හේතුවෙන් එම දැරිය ගල්නෑව පොලිසියට පැමිණ සියල්ල ප්‍රකාශ කළ බව පොලිස් ප්‍රකාශකයකු පැවසීය.

මේ සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව පොලිස් කණ්ඩායමක් එම නිවස කරා වහා පිටත්ව යන විටත් සැකකාර පියා ප්‍රදේශය අතහැර පලා යමින් සිට ඇති අතර, පසුව පොලිස් උපාය දූතියක් මාර්ගයෙන් දැඩි පරිශ්‍රමයක් යොදා ඉපලෝගම පොලිස් වසමේ සඳුන්ගම දී සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි.

අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණු අතර සිද්ධියට මුහුණ පෑ දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

ගල්නෑව පොලිසිය නිලධාරීහු සිදුකළ විමර්ශනයකදී සැකකරු අත්අඩංගුවට ගන්නා ලදී.