පළාත් පාලන මැතිවරණය මාර්තු 10 වැනි දාට පෙර පවත්වන බව මැතිවරණ කොමිසම පවසනවා.
එහි සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා සඳහන් කළේ, ඒ සඳහා මූලික කටයුතු මේ වනවිට සම්පාදනය කරමින් පවතින බවත් පළාත් පාලන මැතිවරණයේ නාමයෝජනා කැඳවීම සම්බන්ධයෙන් වන ගැසට් නිවේදනය ලබන මස 5 වැනි දාට පෙර නිකුත් කරන බව ද ඔහු ප්‍රකාශ කළේ ය.
මැතිවරණයෙන් තේරීපත්වන සභිකයින්ගේ නම් මාර්තු 20 වැනි දාට පෙර ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමට ද සැලසුම් කර ඇති බව සභාපතිවරයා වැඩිදුරටත් පවසන ලදී.