― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsවිදුලි බිලෙන් කෝටි දහයකට විද්ද රජ ගේම්කාරයෙක් අත්අඩංගුවට

විදුලි බිලෙන් කෝටි දහයකට විද්ද රජ ගේම්කාරයෙක් අත්අඩංගුවට

විදුලි බිල්පත් වලට විශේෂ වට්ටම් ලබා දෙන බව පවසා විවිධ තරාතිරම් වල පුද්ගලයන් මුලාකර රුපියල් කෝටි දහයකට ආසන්න මුදලක් වංචා කළ 25 හැවිරිදි පුද්ගලයෙකු කොළඹ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමාජ මාධ්‍ය අපරාධ විමර්ශන ඒකකය කියයි.

විදුලිබල මණ්ඩලයේ වෙබ් අඩවියට හොර රහසේ ඇතුළු වූ කිසියම් පුද්ගලයකු පාරිභෝගිකයන් රැසක් රවටා ඇති බව විදුලිබල මණ්ඩලයේ හිටපු සාමාන්‍යාධිකාරී වරයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය කරන ලද පැමිණිල්ලක් අනුව ඒ යටතේ තිබෙන සමාජ මාධ්‍ය අපරාධ විමර්ශන ඒකකය සිදු කළ දීර්ඝ විමර්ශනයකින් පසුව සැකකරු අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවට ගත් සැකකරු තමන් ව්‍යාපාරිකයකු හා පරිගණක මෘදුකාංග ඉන්ජිනේරුවරයකු වශයෙන් සෙසු පුද්ගලයන්ට හඳුන්වා දී මෙම වංචාව මාස තුනක් පමණ කාලයකදී විවිධ ආයතන සහ පුද්ගලයන්ගෙ 400කට ආසන්න ප්‍රමාණයක විදුලි බිල්පත් ගෙවන මුවාවෙන් මෙම වංචාව සිදුකර ඇතැයි පොලිසිය කියයි.

කැසිනෝ ක්‍රීඩාවට දැඩිව ඇබ්බැහිව සිටින සැකකරු එහිදී හමුවන උසස් ව්‍යාපාරිකයන් සමඟ මිතුරු වී තමන් හොඳින් දන්නා හඳුනන කැසිනෝ සෙල්ලම් කරන ඉන්දියන් ජාතික මිතුරෙකු සිටින බවත් ඔහු ඕනෑම පුද්ගලයකුගේ විදුලි බිල්පත් ඔහුට අයත් ක්‍රෙඩිට් කාඩ්පත මගින් අන්තර්ජාලය හරහා ගෙවන බවත් ඒ සඳහා විදුලි බිල්පතේ අයිතිකරුට 10% ත් 20 ත් අතර වට්ටමක් ලබා දෙන බවත් එමගින් ඉන්දියන් ජාතික මිතුරාටද සුළු වට්ටමක් ඇති බවත් පවසා මෙම කූට වංචාව සඳහා යොමු කරගෙන ඇතැයි පොලිසිය කියයි.

ඔහු කෙඩිට් කාඩ් පත මගින් විදුලි බිල් පතට මුදල් ගෙවීමෙන් පසු වට්ටම අඩු කර අදාළ මුදල ගෙවිය හැකි බවත් සැකකරුගේ විදුලි බිල්පත් ද
ඒ ආකාරයෙන් ගෙවන බවත් , තවද ගෙවන ලද මුදල සඳහන් කර බිල්පත ද ලබාදෙන පවසා තව තවත් විශ්වාසය තහවුරු කරගෙන ඇතැයි පොලීසිය සඳහන් කරයි.

සැකකරු ඒ පිළිබඳ වර්ණනා කර විශේෂ වට්ටමක් ලබා දෙන බව පැවසීමෙන් අනතුරුව විශාල පිරිසක් ඔහුට තම ව්‍යාපාර ආයතන වලට අමතරව ව්‍යාපාර මිතුරන්ගේ විදුලි බිල්පත් ලබාදී වංචාවට හසු වී ඇතැයි පොලිසිය කියයි.

ඔහුන් එලෙස ලබා දී ඇත්තේ ඔවුන්ටද සුළු වට්ටමක් සැකකරු විසින් ලබාදෙන බවට පැවසීමෙන් අනතුරුව යැයි පොලිසිය කියයි.

පරිගණක මෘදුකාංග ශිල්පය හා ක්‍රමලේඛන පිළිබඳ මනා දැනුමක් ඇති සැකකරු පාරිභෝගිකයන් හා විදුලිබල මණ්ඩලය අතර අන්තර්ජාල මුදල් ගෙවීම
සඳහා භාවිතා කරන (online payment) අතරමැදි මෘදුකාංගය හැක්කර මෙම වංචාව සිදුකර ඇති බව සමාජ මාධ්‍ය අපරාධ විමර්ශන ඒකකය කියයි.

මෙම ව්‍යාජ ගෙවීම සිදු කළ පසු විදුලිබල මණ්ඩලය අදාළ පාරිභෝගිකයා වෙත නිකුත් කරන ආකාරයට මුදල් තැන්පත් කළ විට ලැබෙන සනාථ කිරීම ඒ ආකාරයෙන්ම සිදුව ඇති බවට විමර්ශනවලදී අනාවරණ වී ඇතැයි එම ඒකකය කියයි.

එකී රිසිට් පතෙහි ඡායාරූපයක් විදුලි පාරිභෝගිකයා වෙත ලබා දුන්නද එකී මුදල් විදුලිබල මණ්ඩලය වෙත බැර වී නැතැයි විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණය වී යැයි පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරු උසස් පෙළ දක්වා අධ්‍යාපනය හැදෑරූ තිස්සමහරාමයේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු කඩවත ප්‍රදේශයේ තාවකාලිකව පදිංචිව සිටින්නෙකි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ , පරිගණක විමර්ශන අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජේෂ්ඨ පොලිස් අධිකාරි ආර් .ඒ . ඩි .එල් . රන්දෙණිය, සහකාර පොලිස් අධිකාරී ඩබ්ලිව් පි .ජයනෙත්සිරි මහත්වරුන්ගේ උපදෙස් මත සමාජ මාධ්‍ය අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ගය ශ්‍රී මහතාගේ මෙහෙයවීමෙන් විමර්ශන නිලධාරීන් වන පොලිස් සැරයන් (64160) කුමාර පොලිස් කොස්තාපල්වරුන් වන (68813) උපසේන , (94821) සමරසිංහ (97642) ජයවර්ධන (21324) අසංක (29826) විජේසුන්දර (70153) මෙන්ඩිස් (11524) ලහිරු මහත්වරු පරීක්ෂණ පවත්වයි.