― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsමෙරටට අවශ්‍යව ඇත්තේ පරිවර්තනීය අධ්‍යාපන ක්‍රියාදාමයක්

මෙරටට අවශ්‍යව ඇත්තේ පරිවර්තනීය අධ්‍යාපන ක්‍රියාදාමයක්

මෙරටට අවශ්‍ය ව ඇත්තේ පරිවර්තනීය අධ්‍යාපන ක්‍රියාදාමයක් බව පාර්ලිමේන්තුවේ සභානායක අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

එහිදී අදහස් දැක්වූ අධ්‍යාපන අමාත්‍ය සහ පාර්ලිමේන්තුවේ සභානායක අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා, “සාර්ථක මානව සම්පතක් බිහි කිරීමට නම් පාසල් පද්ධතිය තුළ ගුණාත්මක අධ්‍යාපන අවස්ථා සියලු දරුවන්ට අත්පත් කර දිය යුතු බවත් ඒ සඳහා ප්‍රතිපත්ති සම්පාදකයින් ඇතුළු වගකිවයුතු සියලු පාර්ශ්වයන් කැපවිය යුතු බවත් පෙන්වා දුන්නේ ය.

එමෙන් ම ඉදිරියේ දී පාසල් වර්ගිකරණය ප්‍රාථමික, කනිෂ්ඨ ද්වතීයික, ජ්‍යෙෂ්ඨ ද්විතීයික යන අංශ 03ක් ලෙස සරල කරන බවත් මූල්‍ය පාසල් තුළ මූල්‍ය පරිපාලන කටයුතු සඳහා උපාධිධාරීන් 8,000ක් ස්ථාපිත කරන බවත් ඒ මහතා පැවසී ය. දැනට පවත්නා අධ්‍යාපන කලාප ගණන තවත් 20කින් වැඩි කරමින් දැනට පවත්නා අධ්‍යාපන කලාප 100ක් වන අතර එය 120ක් දක්වා වැඩි කරන බව ද ගුරුවරුන් සඳහා සේවස්ථ පුහුණු, ධාරිතා සංවර්ධන වැඩසටහන් තවදුරටත් පුළුල් කිරීමට පියවර ගන්නා බව ද අමාත්‍යවරයා පැවසී ය.

දැනට ලොව බොහෝ දියුණු රටවල සාර්ථක ව ක්‍රියාවට නංවා ඇති STEM Education (විද්‍යා-තාක්ෂණ-ඉංජිනේරු-ගණිත අධ්‍යාපනය) මෙරට අධ්‍යාපන පද්ධතිය තුළ ද ප්‍රචලිත කිරීමට අපේක්ෂා කරන බවත් ගුරුවරුන් සඳහා පශ්චාද් උපාධි ලබාදෙන ආයතනයක් ලෙස මීපේ අධ්‍යාපන කළමනාකරණ ආයතනය සංවර්ධනය කරන බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය.

දැනට පවතින ආර්ථික සමාජයීය අභියෝගවලට මුහුණදීමට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පමණක් ප්‍රමාණවත් නොවන බව ද සමස්ත අධ්‍යාපන පද්ධතිය ම පරිවර්තනීය වෙනසකට ලක් කළ යුතු බව ද ඒ සඳහා සක්‍රිය දායකත්වයක් ගුරුවරුන්, විදුහල්පතිවරුන්, අධ්‍යාපන පරිපාලන නිලධාරීන් ඇතුළු සියලු පාර්ශ්වකරුවන්ගෙන් අපේක්ෂා කරන බව ද අමාත්‍යවරයා අවධාරණය කළේ ය.