― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsසේවකයන්ගේ නිවාඩු සහ දීමනා සම්බන්ධව විශේෂ චක්‍රලේඛයක්

සේවකයන්ගේ නිවාඩු සහ දීමනා සම්බන්ධව විශේෂ චක්‍රලේඛයක්

සියලුම රාජ්‍ය ව්‍යාපාර විසින් සිය සේවකයන්ට ඉතිරි කර ගත් නිවාඩු මත දීමනා ගෙවීම කොන්දේසි කිහිපයකට යටත්ව සිදු කළ හැකි බව භාණ්ඩාගාර ලේකම් කේ.එම්. මහින්ද සිරිවර්ධන පවසනවා.

සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්, රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල සහ රජය සතු සමාගම් වල සභාපතිවරුන් වෙත විශේෂ චක්‍රලේඛයක් නිකුත් කරමින් භාණ්ඩාගාර ලේකම්වරයා මේ බව දැනුම් දී තිබෙනවා.

ඒ අනුව, එකී රාජ්‍ය ව්‍යාපාරයේ සේවකයන්ට ඉතිරි කර ගත් නිවාඩු ගණනය කිරිම සාප්පු හා කාර්යාල සේවක පනතේ විධිවිධානයන්ට අනුකූල විය යුතුයි.

එකී රාජ්‍ය ව්‍යාපාරය ප්‍රාග්ධන හා/හෝ පුනරාවර්තන වියදම් සඳහා මහා භාණ්ඩාගාරයෙන් අරමුදල් ලබා නොගත යුතු බවත් අදාළ චක්‍රලේඛයේ සඳහන් වනවා.මීට අමතර ගෙවීම් සඳහා සලකා බලන වර්ෂයට පෙර වසරට අදාළව මහා භාණ්ඩාගාරයට ගෙවිය යුතු ලාභාංශ/ අයබදු ගෙවා තිබිය යුතු බවට ද භාණ්ඩාගාර ලේකම්වරයා අවධාරණය කර සිටිනවා.