― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsවසර 02කට පසු මත්තල ජාත්‍යන්තර ගුවන් ගමන් ඇරඹෙයි

වසර 02කට පසු මත්තල ජාත්‍යන්තර ගුවන් ගමන් ඇරඹෙයි

වසර දෙකකට ආසන්න කාලයකට පසු මත්තල රාජපක්ෂ ගුවන්තොටුපොළේ ජාත්‍යන්තර මෙහෙයුම් කටයුතු අරම්භ කරන බව සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසයි.

අද උදෑසන මඟීන් 400කට වැඩි පිරිසක් රැගෙන රෙඩ් වින්ග්ස් ගුවන් සමාගමට අයත් බොයිං 777 – 200 වර්ගයේ ගුවන් යානයක් රුසියාවේ සිට මත්තල ගුවන් තොටුපලට පැමිණීමට නියමිත බව නිවේදනයක් නිකුත් කරමින් සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කර තිබේ.

ඒ අනුව රෙඩ් වින්ග්ස් ගුවන් සමාගම 2023 වසරේ සිට සතියකට නව ගුවන් වාර 2ක බැගින් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

මත්තල ගුවන්තොටුපොළට අවසන් වරට මගී ගුවන් යානයක් පැමිණි ඇත්තේ 2021 වසරේදී වන අතර මෙරට ගුවන් සීමාවට ඉහලින් පියාසර කරන ගුවන් යානාවලට හදිසි ගොඩබෑම් සඳහා යොදාගත් ගුවන් තොටුපොළක් ලෙසද මෙම ගුවන්තොටුපොළ භාවිත කරනු ලැබීය.