― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsෆයිසර් එන්නත් ලක්‍ෂ 60ක් කල්ඉකුත් වෙයි

ෆයිසර් එන්නත් ලක්‍ෂ 60ක් කල්ඉකුත් වෙයි

ෆයිසර් එන්නත් ලක්‍ෂ 60ක් පමණ කල්ඉකුත් වී ඇති බවත් එම එන්නත් ප්‍රමාණය වෙනත් රටකට දීමේ උත්සහයද අසාර්ථක වූ බවත් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පැවසීය.

ශ්‍රී ලාංකිකයන් කොවිඩ් මර්දන සිවුවැනි එන්නත් මාත්‍රාව නොගැනීම හේතුවෙන් මෙම එන්නත් තොගය කල් ඉකුත් වී ඇති බවයි අමාත්‍යවරයා පවසන්නේ.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (28) සෞඛ්‍ය අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ වයස අවුරුදු 20ට වැඩි ශ්‍රී ලාංකිකයන් මිලියන 14.5කට ලබාදීම සඳහා එම ෆයිසර් එන්නත් තොගය ඇනවුම් කර ලබාගත් බවයි.