― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsතමිල්නාඩුවෙන් ලංකාවට දුන් සහල් තොගයක් අපතේ යයි

තමිල්නාඩුවෙන් ලංකාවට දුන් සහල් තොගයක් අපතේ යයි

තමිල්නාඩු රජයෙන් ලබාදුන් සහල් මලු වව්නියාව – ආසිකුලම්, මතුරානගර් ගම් සංවර්ධන සංගම් ගොඩනැගිල්ලේ ගොඩගසා තිබියදී ප්‍රදේශවාසීන් විසින් අද (29) සොයාගෙන තිබේ.

තමිල්නාඩු රජය ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ සහල් මලු තොගයක් දිවයිනේ ප්‍රදේශ රැසකට බෙදා දුන් අතර මතුරානගර් ගම්මානයේ ගම් සංවර්ධන සමිතියේ ගොඩනැගිල්ලේ තිබී සහල් මලු කිලෝ 1000කට අධික ප්‍රමාණයක් සොයාගෙන තිබේ.

ඉහත කී සහල් මලුවලට හානි වී පණුවන් හා කුරුමිණියන් බෝවී පරිභෝජනයට නුසුදුසු තත්ත්වයේ පැවති බවයි පැවසෙන්නේ.