26.1 C
Colombo
Tuesday, August 5, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsචීනයේ සිට එන සංචාරකයින්ට සෞඛ්‍ය මාර්ගෝපදේශ

චීනයේ සිට එන සංචාරකයින්ට සෞඛ්‍ය මාර්ගෝපදේශ

චීනයේ සිට පැමිණෙන සංචාරකයින් සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කරන බවත් එහෙත් එය අනිවාර්ය නොකරන බවත් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසයි.

පවතින ආර්ථික ප්‍රශ්න නිසා ආර්ථිකයට බලපාන මෙවැනි තීරණ ගැනීමට හැකියාවක් නොමැති බවත් මේ හේතුවෙන් සංචාරක කටයුතු සීමා කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගෙන නොමැති බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.

අනිවාර්ය කොවිඩ් පරීක්ෂණ තිබියදීත් ජනතාව නැවත ප්‍රසිද්ධියේ මුහුණු ආවරණ පැළඳීමට නව මාර්ගෝපදේශ ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලීමක් තිබේ.

කෙසේ වෙතත් භීතියට පත් නොවන ලෙසත් කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා කලින් ලබා දුන් සෞඛ්‍ය මාර්ගෝපදේශ දිගටම අනුගමනය කරන ලෙසත් අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියි.