28.5 C
Colombo
Monday, May 12, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsවත්කම් බැරකම් ප්‍රකාශයට එරෙහි අභියාචනය කල් යයි

වත්කම් බැරකම් ප්‍රකාශයට එරෙහි අභියාචනය කල් යයි

වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නම් ලැයිස්තු මුදා හරින ලෙස ශ්‍රී ලංකා තොරතුරු කොමිසම විසින් නිකුත් කළ නියෝගයකට එරෙහිව ඉදිරිපත් කළ අභියාචනයක් සලකා බැලීමෙන් අභියාචනාධිකරණ විනිසුරු දෙදෙනෙකු අද ඉවත් විය.

පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක සහ නියෝජ්‍ය මහ ලේකම් කේ. ඒ. රෝහණදීර යන මහත්වරු විසින් මෙම අභියාචනා ඉදිරිපත් කර තිබූ අතර එම අභියාචනා සලකා බැලීම සඳහා අද රුවන් ප්‍රනාන්දු සහ සම්පත් විජේරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එම අවස්ථාවේදී අදාළ විනිසුරුවරු දෙදෙනා ප්‍රකාශ කළේ තමන් මෙම පෙත්සම සළකා බැලීමෙන් ඉවත්වන බවයි. ඒ අනුව පෙත්සම සලකා බලන විනිසුරු මඩුල්ල නම් කිරීම සඳහා අදාළ අභියාචනා පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා වෙත යොමුකරන ලෙසත් එම විනිසුරුවරු දෙදෙනා නියෝග කළේය. අනතුරුව අභියාචනය ජනවාරි මස 20 වැනිදා කැඳවන ලෙස නියෝග කෙරිණි.