26.7 C
Colombo
Sunday, September 14, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසරමක් ඇඳ යාපනයේ සංචාරය කළ චීන නියෝජ්‍ය තානාපති

සරමක් ඇඳ යාපනයේ සංචාරය කළ චීන නියෝජ්‍ය තානාපති

ශ්‍රී ලංකාවේ චීන නියෝජ්‍ය තානාපති හූ වෙයි ඇතුළු පිරිසක් යාපනය දිස්ත්‍රික්කයේ සංචාරයක නිරත වෙමින් තෝරාගත් පවුල් 1300ක් වෙනුවෙන් ආධාර ලබාදීමේ වැඩසටහනකට අද (29) දින සහභාගී වුණා.

යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී මෙම වැඩසටහන පැවති අතර එහිදී යාපනය දිස්ත්‍රික්කයේ තෝරාගත් දිළිඳු පවුල් 100 ක් වෙනුවෙන් පළමු පියවර වශයෙන් ප්‍රථමාධාර, ආහාර ද්‍රව්‍ය ඇතුළු කට්ටලය බැගින් පවුලකට ලබා දීමටයි කටයුතු කර ඇත්තේ.

මේ අතර ඊයේ (28) දිනයේදී චීන නියෝජ්‍ය තානාපතිවරයා යාපනය කොටුව ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවකට සහභාගී වූ අතර එහිදී දෙමළ සංස්කෘතියට අනුව සුදු පැහැති වෙට්ටියකින් සැරසී පැමිණීමද විශේෂත්වයක්.

එහිදී නියෝජ්‍ය තානාපතිවරයා යාපනය කොටුවේ ඓතිහාසික ස්ථානය නැරඹූ අතර විශේෂ පොලිස් ආරක්ෂාවක්ද සපයා තිබුණා.