25 C
Colombo
Sunday, July 27, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරට යන අයට සුබ ආරංචියක්

රට යන අයට සුබ ආරංචියක්

ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශිකයින් සහ ශ්‍රී ලංකාවෙන් පිටත්ව යන ශ්‍රී ලාංකිකයන් විසින් පුරවනු ලබන පැමිණීමේ හා පිටවීමේ කාඩ්පත (Arrival and Departure Card) මාර්ගගත ක්‍රමයට සම්පූර්ණ කිරීමට අවශ්‍ය පහසුකම් සලසා තිබෙනවා.

ලබන ජනවාරි මස පළමුවනදා සිට සිට මෙය ක්‍රියාත්මක බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

ඒ අනුව ගුවන් මගීන්ට ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ www.immigration.gov.lk නිල වෙබ් අඩවියට පිවිස හෝ https://eservices.immigration.gov.lk වෙබ් පිටුව ඔස්සේ තමා ගුවන් ගතවීමට නියමිත දිනට දින තුනකට පෙර සිට මෙම කාඩ්පත පිරවීමට පහසුකම් ලබාදී තිබෙනවා.

ගුවන්තොටුපලේදී ඇතිවන අපහසුතාවයන් මඟහරවා ගෙන ආගමන හෝ විගමන කටයුතු පහසුවෙන් සිදුකිරීමට මගීන්ට අවශ්‍ය පහසුකම් සැලසීමේ අරමුණින් මෙම පියවර ගත් බවයි ආගමන හා විගමන දෙපාර්තමේන්තු පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය සඳහන් කළේ.