22 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsබස් රථයේ දී සොරකම් කළ බෑගයේ මැණික් මල්ලක්

බස් රථයේ දී සොරකම් කළ බෑගයේ මැණික් මල්ලක්

විවිධ වර්ගයේ මැණික් කැට 116 ක් අඩංගු පාර්සලයක් සොරකම් කල පුද්ගලයින් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දෙහිවල ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයෙකු පසුගිය 21 වනදා කොළඹ සිට දෙයියන්දර බලා ධාවනයවූ බසයක ගමන් කරමින් සිටියදී පයාගල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු ඔහුගේ ගමන් මල්ලේ තිබූ පාර්සල් කිහිපයක් සොරකම් කර තිබෙනවා.

සොරකම් කල පාර්සල් අතර රුපියල් කෝටි 4කට ආසන්න වටිනාකමකින් යුත් මැණික් කැට 116 ක් බහාතිබූ පොලිතින් කවරයක් තිබී ඇති බවත් සැකකරු එම පොලිතින් කවරයේ මැණික් කැට තිබෙන බව නොදැන පාර්සලය බසයේ තබා බේරුවල ප්‍රදේශයෙන් බැසගොස් තිබෙනවා.

එම බසයේ කොන්දොස්තරවරයා පාර්සලය රැගෙන පරීක්ෂා කිරීමේදී එහි මැණික් ගල් තිබෙන බව දැන රැගෙන ගොස් සිය නිවසේ අල්මාරියේ සඟවා තිබියදී සොයාගත් බවයි පොලිසිය පැවසුවා.

සොරකම හසුවනු ඇතැයි බියෙන් බසයේ ආරක්ෂක කැමරා පද්ධතිය ද පුළුස්සා තිබූ බව හෙළිවී තිබෙනවා.

බසය බේරුවල නගරයේ නතර කිරීමෙන් පසු සොරකම් සිදු කළ පළමු සැකකරු කලබලයෙන් බසයෙන් බැස පාර්සලය නොමැතිව අසල තිබූ වෛද්‍ය මධ්‍යස්ථානයක් වෙත දිවයන අයුරු නිරීක්ෂණය වීමෙන් පසු කොන්දොස්තරවරයා ගැන සැක මතුවී පරීක්ෂණ සිදු කළ බවයි පොලිසිය කියාසිටියේ.

සැකකරුවන් කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.