29 C
Colombo
Sunday, April 20, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsලංකාවේ දුප්පතුන් ගැන අලුත්ම වාර්තාව

ලංකාවේ දුප්පතුන් ගැන අලුත්ම වාර්තාව

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය හමුවේ ඉකුත් වසරේ මිලියන 2.4 ක ශ්‍රී ලාංකිකයන් පිරිසක් ජාත්‍යන්තර දරිද්‍රතා සීමාවෙන් පහතට වැටී ඇතැයි රතු කුරුස සංවිධානය නිකුත් කළ නවතම වාර්තාව පෙන්වා දී ඇත.

මෙම අර්බුදයෙන් වැඩිම බලපෑම එල්ල වී ඇත්තේ දුප්පත් පවුල් වලට බව එම වාර්තාවේ දැක්වේ.

දුප්පත් නොවන පවුල්වලට වඩා දුප්පත් පවුල් වල අදායම ආර්ථික අර්බුදය හේතුවෙන් හරි අඩකින් අඩු වී ඇති බව රතු කුරුස සංවිධානය පවසා ඇත.ශ්‍රී ලාංකිකයන් තම වත්කම් විකිණීමට පෙළඹී ඇති බවත්, ජීවත් වීම සඳහා ණයකරුවන් වී ඇති බවත් රතු කුරුස සංවිධානයේ වාර්තාවේ දැක්වේ.එම පවුල් වල ළමුන් පාසල් යාම මඟ හැරී යාමේ අවදානමක්ද මතුව තිබෙන බව එම වාර්තාවේ සඳහන් වේ.

ශ්‍රී ලාංකිකයන් මිලියන 5.7 කට මානුෂීය සහාය අවශ්‍ය වී ඇති බවත් ඉන් මිලියන 4.9ක් ආහාර අනාරක්ෂිතභාවයෙන් පෙළෙන බවත් රතුකුරුස සංවිධානය පෙන්වා දී තිබේ.

එමෙන්ම කෘෂිකාර්මක ජනතාවයෙන් මිලියන 3.45ක අධික සංඛ්‍යාවකට මෙම අර්බුදය දැඩිව බල පා ඇති අතර, පෝෂණ අවශ්‍යතා සහිත ජනගහණය මිලියන2.43ක් සහ අත්‍යාවශ්‍ය ඖෂ්‍ය අවශ්‍ය ජනගහණය මිලියන 2 කට ආසන්න බවද එම වාර්තාවේ සඳහන් වේ.