කිඹුලාපිටියේදී ගුවන් යානයක හදිසි ගොඩ බැස්සවීමේ සිද්ධිය සම්බන්ධයෙන් CCD අත්අඩංගුවට පත් අදාළ යානය අයත් ගුවන්සේවා ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන ඉංජිනේරුවරයා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
ඔවුන් දෙදෙනා ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත. පසුගිය මස 27 වැනිදා අදාළ සැහැල්ලු ගුවන් යානය අනතුරට ලක් වූ අතර අනතුරින් එහි සිටි විදේශීය යුවළක් ඇතුළු සිව් දෙනෙක් තුවාල ලැබූ අතර අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා මූලික විමර්ශන මණ්ඩලයක්ද පත්කර කෙරිණ.