― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeSportරිය අනතුරකින් ඉන්දීය ක්‍රීඩක රිෂාබ්ට බරපතළ තුවාල

රිය අනතුරකින් ඉන්දීය ක්‍රීඩක රිෂාබ්ට බරපතළ තුවාල

ඉන්දීය කඩුලු රකින ක්‍රීඩක රිෂාබ් පාන්ට් අද (30) උදෑසන රිය අනතුරකට ලක් වී තිබේ.

සිද්ධියෙන් තුවාල ලැබූ ඔහු රෝහල්ගත කර ඇති බවයි වාර්තා වන්නේ.

ඔහු නවදිල්ලි බලායන අතරතුර රූර්කී නම් ප්‍රදේශය ආසන්නයේදී එම අනතුර සිදු ව ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ. මෙම අනතුරින් රිෂාබ් ගමන් කරමින් සිටි මෝටර් රථය ගිනි ගෙන ඇති අතර බරපතළ තුවාල ලබා ඇති රිෂාබ් ප්ලාස්ටික් සැත්කමටද භාජනය කර ඇති බවයි වාර්තා වන්නේ.