30.6 C
Colombo
Thursday, July 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalඅලි අනාථාගාරයේ හස්ති නාම මංගල්‍යය

අලි අනාථාගාරයේ හස්ති නාම මංගල්‍යය

දිගු කලකට පසු පින්නවල අලි අනාථාගාරයේ අලුත උපන් හස්තීන් තිදෙනාගේ නම් තැබීමේ මහෝත්සවය අද (11) පැවැත්විණි.

මහා සංඝරත්නයේ සෙත් පිරිත් මධ්‍යයේ නිවුන් පැටවුන් දෙදෙනාට දිසා, සජ්ජන යන නම් සහ තවත් පැටවෙකුට නීලමනී ලෙස හස්තීන්ගේ උප්පැන්න සහතිකවල නම් සඳහන් කිරීම, හස්තීන්ගේ නම් සඳහන් සමරු ඵලක විවෘත කිරීම සහ මී පැණි වලින් එම හස්තීන්ගේ ඉඳුල් කටගෑම සහ මව් ඇතින්නට පෝෂණීය කිරිබත් හා පලතුරු ලබාදීම යන චාරිත්‍ර සිදුකෙරිණ.

මෙම අවස්ථාව සඳහා ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්තුමිය, මහනුවර ශ්‍රී මහා විෂ්ණු දේවාලයේ බස්නායක නිලමේතුමා ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගි විය.