යාපනය වැල්වෙට්ටිතුරෙයි ප්‍රදේශයේ සරණාගතයින් බවට පත්ව සිටින ඉන්දීය ධීවරයින් සිව්දෙනා ජනවාරි මස 2 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස දිස්ත්‍රික් මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
පෙරේදා (28) මධ්‍යම රාත්‍රියේ ශ්‍රී ලංකා මුහුදේ ධීවර කටයුතුවල නිරතව සිටි ඉන්දීය ධීවරයින් සිව් දෙනෙකු යාත්‍රාවේ යාන්ත්‍රික දෝෂයක් හේතුවෙන් වැල්වෙට්ටිතුරෙයි, ආඩිකෝවිලඩි ප්‍රදේශයේ වෙරළ තීරයේ නැවතී තිබේ.
නවාතැන් ගත් ඉන්දීය ධීවරයින් බේරාගත් වැල්වෙට්ටිතුරෙයි පොලිසිය ඔවුන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළා. ඒ සමගම ඉන්දීය ධීවරයින් සිව්දෙනා 2023 ජනවාරි 2 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.