27 C
Colombo
Sunday, April 20, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsකොරෝනා සීමා කිරීම් ගැන නැවතත් රජයේ අවධානය

කොරෝනා සීමා කිරීම් ගැන නැවතත් රජයේ අවධානය

චීනයේ නව කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමත් සමඟ ශ්‍රී ලංකාවේ කොරෝනා තත්ත්වය පිළිබඳව සොයා බලන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

කෙසේ වෙතත්, මහජන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත හේරත් කියා සිටියේ නව සීමා කිරීම් සම්බන්ධයෙන් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර නොමැති බවයි.

කෙසේවෙතත් අඛණ්ඩව මුහුණු ආවරණ පැළඳීමේ සිදු කළ යුතු බවත් ජාතික වශයෙන් සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය කළ යුතු නමුත් ඒවා අනිවාර්ය නොවන බවත් ඔහු පැවසීය.

“අපි නව ක්‍රමවේදයන් අනුගමනය කරනවාද නැද්ද යන්න පිළිබඳව සොයා බලනවා” ඔහු වැඩිදුරටත් පැවසීය.