පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති අනුරාධ විදානගේ ලබන ජනවාරි මස 4 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර කරන ලෙස මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා.
පේරාදෙණිය සරසවියේ හිටපු උප කුලපති මහාචාර්ය අතුල සේනාරත්නට සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට පහරදී නිල නිවසට අලාභ හානි කිරීමේ සිද්ධියට අදාළව සැකකරු ඊයේ මහනුවරදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.