― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsවැඩ බැරි ලේකම්වරු මාස 06න් ගෙදර යවන්න සැලසුම්

වැඩ බැරි ලේකම්වරු මාස 06න් ගෙදර යවන්න සැලසුම්

රාජ්‍ය පරිපාලන සේවයේ කාර්යක්ෂමතාවය පවත්වාගෙන යාම වෙනුවෙන් සියලු අමාත්‍යාංශ ලේකම්වරුත් අතර එකඟතා ගිවිසුමක් අත්සන් කිරීමට නියමිතව තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත ජනාධිපති ලේකම්වරයා විසින් මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

තමන් ලේකම් ධූරය දරන අමාත්‍යාංශයන්හි කාර්යක්ෂමතාවය ඉහළ නැංවීම වෙනුවෙන් ලබන වසරට අදාලව ඉලක්කයක් ජනාධිපති ලේකම්වරයා විසින් ලබා දෙන අතර එම ඉලක්කය ඔස්සේ ගමන් කරන්නේ දැයි මාස තුනෙන් තුනට ප්‍රගතිය පරික්ෂා කිරීමට ද නියමිතයි.

එලෙස ප්‍රගතිය පරික්ෂා කරද්දී සිය ඉලක්ක අවශ්‍ය ප්‍රමාණයට සම්පූර්ණ කර නොමැති අමාත්‍යංශ ලේකම්වරුන් මාස 06කදී රාජකාරියෙන් ඉවත් කිරීමටද ජනාධිපති ලේකම් සමන් ඒකනායක තීන්දු කර තිබෙන බවයි වාර්තා වන්නේ.

ලබන වසරේදී වයස අවුරුදු 60 සම්පූර්ණ වන අමාත්‍යාංශ ලේකම්වරුන් සැලකිය යුතු ප්‍රමාණයක් විශ්‍රාම යන බැවින් අලුතින් පත් කරනු ලබන අමාත්‍යාංශ ලේකම්වරුන් ද එම ගිවිසුමට ඇතුළත් වනු ඇති.

එම එකඟතා ගිවිසුම අනුව රාජ්‍ය සේවයේ වියදම් 25% කින් අඩු කිරීම, අනවශ්‍ය වියදම් කපා හැරීම මෙන්ම චක්‍රලේඛ අනුව නිසි කටයුතු කිරීම ආදී රාජ්‍ය සේවයේ ඵලදායිතාවයට අදාලව එකඟතාවයන් රැසක් ඇතුලත්ව මෙම ගිවිසුම් අත්සන් කිරීමට නියමිතයි.

#asianmirror