25 C
Colombo
Sunday, July 27, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldඩොලර් බිලියන 200ක් අහිමි කර ගනිමින් එලොන් මස්ක් වාර්තා අතරට

ඩොලර් බිලියන 200ක් අහිමි කර ගනිමින් එලොන් මස්ක් වාර්තා අතරට

ඉලෝන් මස්ක් ලෝක වාර්තාවක් තබා තිබේ.

ඒ ලෝක ඉතිහාසයේ තම ධනයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 200 ක මුදලක් අහිමි කරගත් ප්‍රථම පුද්ගලයා බවට පත්වෙමිනි.

ටෙස්ලා සමාගමේ කොටස් කඩා වැටීමත් සමඟ මස්ක්ගේ ධනය ඇමෙරිකානු ඩොලර් බිලියන 137 දක්වා පහත වැටී ඇති බව බ්ලූම්බර්ග් වෙබ් අඩවිය පෙන්වා දී තිබේ.

2021 වසරේ නොවැම්බර් 4 වැනිදා ඉලෝන් මස්ක්ගේ මුළු ධනස්කන්ධය ඇමෙරිකානු ඩොලර් බිලියන 340 ක් ලෙස සටහන් වූ අතර 2022 වසරේ ටෙස්ලා කොටස් අගය සියයට 65 කින් පමණ පහත වැටීමත් මස්ක් ට්විටර් සමාගම මිලදී ගැනීමත් ඔහුගේ ධනය අඩුවීමට ප්‍රධාන හේතු වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.