පාස්කු කොමිසම පිළිබදව තමාට යමක් කීමට ඇති බවත් එය නිසි වේලාවේදී හෙළි කරන බවත් හිටපු ජනපති මෛත්රිපාල සිරිසේන පවසයි.
හෙතෙම මේ බව ප්රකාශ කළේ පැල්මඩුල්ලේ පැවති ශ්රී ලංකා නිදහස් පක්ෂ රත්නපුර දිස්ත්රික් සමුළුව අමතමිනි.
වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ජනපතිවරයා,
“මට බනින එක නෙමෙයි කරන්න ඕන. හරි නම් ඔබතුමාල එකතුවෙලා මට සල්ලි ටිකක් තෑගි ටිකක් දෙන්න ඕන මේ වගේ හිඟමනට වැටෙන්නේ නැතිව තනියෙන් ආණ්ඩුවක් ගෙනිච්චට.
මෙහෙම කන්න ප්රශ්න ඇවිල්ලා, ගෑස් ප්රශ්න ඇවිල්ලා, තෙල් ප්රශ්නයි, පොහොර ප්රශ්නයි මේවා රටේ මිනිස්සු හැදුව ප්රශ්න නෙමෙයි. මේවා ඔක්කොම ආණ්ඩුව විහින් හදා ගත්ත ප්රශ්න. ඒවා ගැන අපි කථා කරපුවාම කෝප වෙනවා. මේ කොහෙවත් යන පාස්කු බෝම්බයක් පුපුරලා ඒක මගේ ඇඟේ දාන්න හැදුවට මම ජනපති කාලේ කොමිෂන් සභා පහක් පත්කළා.
හැබැයි වංචා හා දූෂණ ගැන මම පත්කරපු කොමිෂන් හතර ගැන එක්කෙනෙක්වත් කථා කරන්නේ නෑ. ඒ ඔක්කොම කොමිෂන් හමස් පෙට්ටියේ. මාව හිරේ දාන්න ඕන කට්ටියක් තමයි මේ පාස්කු කොමිසම ගැන කථා කරන්නේ. පාස්කු කොමිෂම ගැනත් මට යම්කිසි දවසක කියන්න අවස්ථාව එයි මම එදාට කියන්නම් ඒ ගැන”