32 C
Colombo
Monday, April 21, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsLocalයුගදනවි ගිවිසුමට එරෙහි පෙත්සම් සලකා බැලීම කල්යයි

යුගදනවි ගිවිසුමට එරෙහි පෙත්සම් සලකා බැලීම කල්යයි

කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොටස් අමෙරිකානු සමාගමකට පැවරීමට ගෙන තිබෙන තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම් සලකා බැලීම කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබේ.

එම පෙත්සම් අද (12) පෙරවරුවේ හතරවන දිනටත් අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මළල්ගොඩ සහ එල්.ටී.බී දෙහිදෙණිය යන පංච පුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ සලකා බැලීමට නියමිතව තිබූ අතර එහිදී අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා විවෘත අධිකරණයේදී ප්‍රකාශ කළේ මෙම නඩුවේ වැඩිදුර සලකා බැලීම ලබන 19 වැනිදා දක්වා කල් තබන බවයි.

ඒ අනුව අදාළ පෙත්සම් වැඩිදුර සලකා බැලීම ලබන 19, 20 සහ 21 යන දිනවල සිදුකරන බව අග විනිසුරුවරයා නියම කළේය. පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් හා කාදිනල් අතිඋතුම් මැල්කම් රංජිත් හිමිපාණන්, සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර, ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුනිල් හඳුන්නෙත්ති සහ වසන්ත සමරසිංහ, වෘත්තීය සමිති ඇතුළු පාර්ශව විසින් අදාළ පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.

එම පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස මහින්ද රාජපක්ෂ ඇතුළු අමාත්‍ය මණ්ඩල සාමාජිකයින්, යුගදනවි බලාගාරය හිමි වෙස්ට් කොස්ට් පවර් ප්‍රයිවට් ලිමිටඩ්, එම සමාගමේ කොටස් පවරනු ලැබූ ඇමරිකානු සමාගම වන නිව් ෆෝට්රස් එනර්ජි සමාගම, නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබේ.