බිත්තර ආනයනය කරන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් අද (02) රැස්වන කැබිනට් මණ්ඩලයේ අවධානය යොමුකිරීමට බලාපොරොත්තු වන බව වෙළෙඳ අමාත්‍යවරයා පවසනවා.
එහිදී බිත්තර මිල පාලනය සඳහා ගතහැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය සමඟ සාකච්ඡා කර අවසන් එකඟතාවකට පැමිණීමට නියමිත බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
මේ අතර ඉන්දියාවෙන් හෝ පාකිස්ථානයෙන් බිත්තර ආනයන සඳහා අවසර ලබාදිය යුතු බව බේකරි හිමියන්ගේ සංගමය ප්‍රකාශ කර සිටියා.
එසේ බිත්තර ආනයනය නොකළ හොත් ඉදිරියේ දී පාන් හැර අනෙකුත් සියලුම බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දැමීමට සිදුවන බවයි එම සංගමය වැඩිදුරටත් සඳහන් කළේ.
වෙළඳපොළ තුළ මේ වනවිට බිත්තරයක් රුපියල් 60.00සිට 70.00 දක්වා මිලකට අලෙවි වන අතර අතරමැදි බිත්තර වෙළෙඳුන් මේ සඳහා වගකිව යුතු බවයි සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසන්නේ.
මේ අතර ඉහළ යන බිත්තර මිලට විසඳුමක් ලෙස ලොරි රථ මඟින් ගෙනැවිත් රුපියල් 55ක මුදලකට බිත්තර ලබාදීම සඳහා සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින් සහ කුකුළු ව්‍යාපාරිකයින් ආරම්භ කළ වැඩසටහන මේ වනවිට අසාර්ථකතත්වයක් පෙන්නුම්කර තිබෙනවා.