28.9 C
Colombo
Thursday, July 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදෙවසරක ප්‍රේමයට මවුපියන්ගේ විරෝධය නිසා දිවි තොර කරගත් යාපනයේ තරුණිය

දෙවසරක ප්‍රේමයට මවුපියන්ගේ විරෝධය නිසා දිවි තොර කරගත් යාපනයේ තරුණිය

ප්‍රේම සම්බන්ධයකට දෙමව්පියන් බලවත් සේ විරුද්ධ වීම නිසා සිත් තැවුලට පත් යාපනයේ තරුණියක් ගෙළ වැලලාගෙන මිය යාමෙන් පසුව ඇගේ පෙම්වතා තරුණියගේ නිවසට හොර රහසේ පැමිණ විවාහයේදී ගෙළ පළදවන රත්තරන් තාලි කොඩියක් බැදීමේ සිද්ධියක් යාපනයේ මට්ටුවිල් ප්‍රදේශයෙන් වාර්තා වෙයි.

වසර දෙකක පමණ කාලයක් මේ දෙදෙනා පෙමින් වෙලී සිටි අතර ඊට තරුණියගේ දෙමව්පියන් විරුද්ධ වීම නිසා විවාහයට බාධා එල්ල වී තිබේ.

නව වසරට පෙර මේ දෙදෙනා යාපනය නගරයේදී හමු වී අවන්හලකින් දිවා ආහර ලබා ගැනීමේ සිද්ධියක් තරුණියගේ දෙමව්පියන්ට සැලවීමෙන් පසුව ඒ ගැන දැඩි ලෙස කිපුණු දෙමව්පියෝ ඇයට පහර දී තරවටු කොට තිබේ.

සිත් තැවුලට පත් තරුණිය සිය දිවි හානි කර ගැනීමෙන් පසුව නිවසට පැමිණි තරුණයා තරුණියගේ මළ සිරුරේ ගෙලට තාලි කොඩියක් බැද නිවසින් පිටව ගොස් තිබේ.

#mawratanews