26 C
Colombo
Friday, April 18, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsබිල වැඩි කළොත් ලංවිම සේවකයින් පාරට බහී

බිල වැඩි කළොත් ලංවිම සේවකයින් පාරට බහී

විදුලි බිල ඉහළ නැංවීමේ යෝජනාව අද (02) විෂය භාර අමාත්‍යවරයා විසින් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වනවා.

කෙසේ වෙතත් එම යෝජනාවට අනුව විදුලි බිල වැඩිකිරීමක් සිදුකළ හොත් හෙට (03) දිනයේදී විදුලිබල මණ්ඩලයේ සේවකයින් පාරට බැස ඊට විරෝධය පළකරන බව ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රන්ජන් ජයලාල් සඳහන් කළා.

අද දිනයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කර සිටියා.

ඒ අනුව දිවයින පුරා සිටින විදුලිබල මණ්ඩල සේවකයින් හෙට (03) දහවල් 12.00 සිට 2.00 දක්වා විරෝධතාවේ නිරතවීමට නියමිත බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

රජය විසින් විදුලිබිල වැඩි කිරීම ගෙන එන යෝජනාවට මේ වනවිට පාර්ශ්ව රැසකගේ දැඩි විරෝධය එල්ල වී තිබෙනවා.