― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeWorldමරණයෙන් පසු මෘත දේහය කොම්පෝස්ට් බවට පත් කරන්න අවස්ථාවක්

මරණයෙන් පසු මෘත දේහය කොම්පෝස්ට් බවට පත් කරන්න අවස්ථාවක්

ඇමෙරිකාවේ නිව්යෝක් ප්‍රාන්තයේ මෘතදේහ වලින් කොම්පෝස්ට් පොහොර නිපදවීම සිදුවෙයි.

මේ වනවිට ඇමෙරිකාවේ ප්‍රාන්ත රැසක මේ අයුරින් මෘතදේහවලින් කොම්පෝස්ට් පොහොර නිපදවීම සිදුවන අතර, එම ප්‍රාන්ත අතරට අලුතින්ම එක් වුණු ප්‍රාන්තය වන්නේ නිව්යෝක්ය.

මෘතදේහ ආදාහනය හෝ භූමදානය හෝ කරනවාට වඩා, කොම්පෝස්ට් පොහොර සැකසීමට යොදා ගැනීම පරිසරහිතකාමී බව ද ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පැහැදිලි කරනවා.

අමෙරිකාවේදී මෙය පළමු වරට 2019 වසරේදී නීතිගත කෙරුණු අතර පසුව කොලරාඩෝ, ඔරිගන්, වර්මොන්ට් සහ කැලිෆෝනියා යන ප්‍රාන්තවල ද මෙය ආරම්භ කෙරිණි.