26 C
Colombo
Sunday, April 20, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsකබ්රාල් චීනයෙන් අලුත් ණයක් ගන්න යයි?

කබ්රාල් චීනයෙන් අලුත් ණයක් ගන්න යයි?

චීනය සමග අලුත් ණය පහසුකමක් පිළිබඳව සාකච්ඡා කරමින් සිටින බව මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පවසයි.

අද (12) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති සාකච්ඡාවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.

“අපේ ණය ඇතුළු අනෙකුත් මූලික ගෙවීම් හා ආයෝජන සම්බන්ධව චීනය සමග ඉතා හොද අවබෝධයකින් ඉන්නවා. මූලික ආපසු ගෙවීම් සම්බන්ධයෙන් අපි ඔවුන්ගෙන් උදව් ඉල්ලා තියෙන්නේ. නමුත් ඒවා අදාළ වෙන්නේ චීනයත් සමග කරන ගනුදෙනු සම්බන්ධයෙන් පමණයි. මේ මුදල් නැවත ගෙවීමේදී ඔවුන් අපිට කරන්න උත්සාහකරන උදව් ගැන අපි හොඳ අවබෝධයෙන් ඉන්නේ. ඒ නිසා අලුත් ණයක් චීනයෙන් ලබා ගැනීමට අවස්ථාව තිබෙනවා. විශේෂයෙන් චීනයට ගෙවන්න තියෙන ණය මත ඇති පීඩනය අඩුකරන්න. මේක අපි ඉදිරියට සලකා බලන්න අවශ්‍ය පැත්තක්. අපි ඒක ඉදිරියේදී ක්‍රියාත්මක කරන්න පුළුවන්. අපි අලුත් ණයක් ගන්න බලාපොරොත්තු වෙන්නේ චීනයට ගෙවන්න තියෙන ණය සම්බන්ධව වගේම අනෙකුත් අවශ්‍යතාවලටත් එක්ක. චීනයන් අපි ඉතා විශාල ප්‍රමාණයක් ආනයනය කරනවා. ඒ වගේම ඉන්දියාවත් විශාල ප්‍රමාණයක් ආනයනය කරන රටක්.

අපි ඉන්දියාව සමගත් මේ වෙද්දි ඩොලර් බිලියනයක භාණ්ඩ ආනයන පහසුකමක් ගැන කථාකරමින් ඉන්නවා. මේ වගේ දේවල් නිසා අපේ රටවල් අතර තියෙන වෙළෙඳාම පූළුල් කරන්න පුළුවන්. ඒ වගේම ඒ රටවලට තියෙන ආපසු ගෙවීම් කරන්න දිරිමත් කරන්නත් පුළුවන්.”