25.6 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඡන්දෙට වියදම් කළොත් වී ගන්නවත් සල්ලි නැහැ

ඡන්දෙට වියදම් කළොත් වී ගන්නවත් සල්ලි නැහැ

මෙම වසරේදී හදිසි මැතිවරණයකට ගියහොත් මහ කන්නයේදී වී මිලදී ගැනීමට පවා ආණ්ඩුවට මුදල් නොමැති බව මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.

එමෙන්ම මුදල් අමාත්‍යාංශ වාර්තාවක දැක්වෙන්නේ වී මිලදී ගැනීමට නොහැකි වුවහොත් යළිත් සහල් වෙළෙදපොළ කඩා වැටීමේ අවදානමක් පවතින බවයි.

මේ තත්ත්වය යටතේ පෞද්ගලික අංශය පමණක් වී මිලදී ගතහොත් වී මිල ශීඝ්‍රයෙන් පහළ ගොස් වී ගොවියා අන්ත අසරණ තත්ත්වයකට පත්වනු ඇති බවයි එම වාර්තාවේ දැක්වෙන්නේ.

ඒ අතර කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පුරෝකතනය කර ඇත්තේ යල කන්නයේද හොඳ සහල් අස්වැන්නක් ලැබීම නිසා මහ කන්නයේදී වී අස්වැන්න ඉහළ යා හැකි බවයි.